පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවෙන් හෙදියක් ජය ගනී

මාධවී බුද්ධිකා රාජගුරු

කුරුණෑගල මහ රෝහලේදී ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න නම් වෛද්‍යවරයා එම රෝහලේ ම සේවය කළ හෙද නිලධාරිනියක් වූ මාධවී බුද්ධිකා රාජගුරු වන අයට ඇටකටු කපන යන්ත්‍රයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අ‍යිතිවාසිකම් නඩුව ඇය ජය ගෙන ඇත. කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකිලිවලින් නිදහස් වීමට ඇති මාධවී බුද්ධිකා රාජගුරු හෙද නිළධාරිනියගේ මූලික අයිතිවාසිකම වෛද්‍ය විජේමාන්න විසින් උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීන්දු කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය විජේමාන්නට රු.50,000 ක වන්දියක් රාජගුරුට ගෙවන ලෙසත් ඊට අමතරව ඇයට ඉදිරි මාස තුන ඇතුළත රු. 10,000 රජයෙන් ගෙවන ලෙසත් තීන්දු විය.

විනිසුරු අචල වෙංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර විනිසුරු විජිත් කේ මාලගොඩ මහතා ඊට එකඟ විය. කෙසේ වෙතත්, විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර ඊට විරුද්ධ විය.

මාධවී රාජගුරු වෙනුවෙන් නීතීඥ වාසනා වික්‍රමසේකරගේ උපදෙස් පරිදි නීතීඥ අර්මිසා ටීගල් සහ නීතීඥ ශලෝමී ඩැනියල් යන නීතීඥවරියන් පෙනී සිට ඇත. ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න මහතා වෙනුවෙන් නීතීඥ දිමුතු කුරුප්පුආරච්චි මහතාගේ උපදෙස් මත නීතීඥ එරාජ් ද සිල්වා, නීතීඥ මංජුක ප්‍රනාන්දුපුල්ලේ සහ ජනගෙන් සුන්දරමූර්ති මහතා පෙනී සිටියේය. රජයේ අධිනීතිඥ ඉඳුනි පුංචිහේවා මෙනවිය රජය වෙනුවෙන් පෙනී සිටියාය.

නඩු තීන්දුව කියවීමට පහත සබැඳිය හරහා පිවිසෙන්න 👇

නඩු තීන්දුව

Social Sharing
අවකාශය නවතම