තේ විකුණා තෙල් ණය ගෙවයි!

Sells tea and pays oil debt

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට  හිඟ මුදල් වශයෙන් ගෙවීමට  සිදු වී තිබිණි.

මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව  ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට  ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය.

මේ වනවිට ඉරානය ලංකාවට අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව ද තේ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

(අංජුල මහික වීරරත්න)

www.lankadeepa.lk

Social Sharing
අවකාශය නවතම