පොලිස් නිලධාරීන්ගේ දැනුම වෘත්තීය භාවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන දෙදින වැඩමුළුව සමාරම්භය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංවිධාන සහ මෙහෙයවීම යටතේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ (ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය) අනුග්‍රහය යටතේ මෙය පැවැත්වේ.
මාර්ගගත ආරක්ෂණ පනත, ඇප පනත, මූලික අයිතිවාසිකම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය, සරණාගතයින් පිළිබඳ නීතිය, සංක්‍රමණික නීතිය සම්බන්ධ දේශන පැවැත්වේ. අපරාධ විමර්ශනයේ නව ප්‍රවණතා සහ ක්‍රමවේද පිළිබඳවද මෙම වැඩමුළුවේදී අවධානය යොමු කරනු ලබයි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා ඔවුන් රඳවා තබා ගැනීම,වත්කම් විමර්ශනය හා පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම,අධිකරණයේ නඩු මෙහෙයවීමේදී පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට මුහුණ දීමට සිදුවන නීතිමය ගැටලු නිරාකරණය කරගැනීම සඳහා අපරාධ විමර්ශනයේදී නවීන තාක්ෂණ දැනුම උපයෝගී කරගැනීම පිළිබඳ වෘත්තීයමය අවබෝධය ලබාදීම මෙම වැඩමුළුවේ මූලික අරමුණයි.
සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් විමර්ශන කටයුතුවල සෘජුවම නියැලෙන ක්‍රියාකාරී කොට්ඨාශවල ස්ථානාධිපතිවරුන් ඇතුළු 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වේ.