විදුලි බිල අඩු කරගන්න හැටි – චේතනා ගෝමිස්

කොරෝනා වසංගතය හා ආර්ථික අවපාතය හමුවේ පසුගිය වර්ෂයේ විදුලි විසන්ධි කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන් මින් පෙර අත්නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් අතර එම සිදුවීම් තුළින් විදුලිය කොතරම් වටිනා සම්පතක් ද යන්න ලාංකික ජනයාට එත්තු විය.

2023 වර්ෂයයේ විදුලිබල හා බලශක්ති අමත්‍යංශය විසින් නිකුත්කරන ලද ප්‍රගති වාර්තාවට අනුව ස්ථාපිත තාප බලශක්ති මුලාශ්‍රය යටතේ නිපදවා ඇති විදුලි ධාරිතාවය මෙගා වොට් 1824ක් වන අතර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යටතේ මෙගා වොට් 3167ක් නිපදවා ඇත. 2030 වසර වන විට කාබන් වලින් තොර රටක් බිහි කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය 70%ක් දක්වා වැඩිකර ගැනීම ප්‍රධාන අරමුණක් වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන පරිදි සවස 6 සිට රාත්‍රී 10 කාලය අතරතුර අධික විදුලි ඉල්ලුමක් පවතින අතර පවතින ඉල්ලුමට සාපේක්ෂව සැපයුම නිකුත් කිරීමට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා අධික පිරිවැයක් වැය වේ.

මෙවැනි තත්වයක දී විදුලි සං‍රක්ෂණය සහ කාර්‍යක්ෂමතාවය ඉහළ නැංවීම අපගේ යුතුකමක් සහ වගකීමක් වේ.  ඒ අනුව මාසිකව වැය වන විදුලි ඒකක ප්‍රමාණය පාරිභෝගිකයන්ට ගණනය කර ගැනීමට සරල සූත්‍රයක් ඔවුන් විසින් සඳහන් කොට ඇත.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පරිභෝජනයේ දී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු හා විදුලි නාස්තිය අවම කිරීමට උපදෙස් කීපයක් පෙන්වා දී ඇත.

  • LED විදුලි පහන් භාවිතය
  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
  • විදුලි බුබුළු පිරිසිදුව තබා ගැනීම
  • සීලිං විදුලි පංකා භාවිතය අවම කිරීම
  • ශීතකරණය තුළ උණුසුම් ආහාර තැබීමෙන් වැළකීම
  • දියර වර්ග ශීතකරණගත කිරීමේදී වසන ලද බඳුන්වල දැමීම
  • ශීතකරණ පිටුපස කොටසට සෘජු සූර්යාලෝකය වැටීමට ඉඩ නොතැබීම
  • වායු සමීකරණ භාවිතයේදී උෂ්ණත්වය 26Cº හි පිහිටුවන ලෙසත් අංශක 1ක් අඩු කිරීමකදී වියදම 4%කින් වැඩිවන බව
  • වායු සමීකරණයේ පිටත සවිකරන ඒකකයන් ගොඩනැගිල්ලේ සෙවන ඇති පැත්තේ සවි කිරීමෙන් හා හිරු එළියෙන් ආවරණය කිරීම
  • රෙදී මැදීමේදී ලෑල්ල මත තබන ආවරණයට තුනී ඇලුමිනියම් කොළයක් තැබීම
  • දළ කපු රෙදි වර්ග පළමුව ස්ත්‍රික්ක කරන ලෙසත් ක්‍රමිකව අවසානයේ සිනිඳු රෙදි මැදීමට යොමුවන ලෙසත්, විදුලි සැපයුම විසන්ධි කර රත් වූ ස්ත්‍රික්කයෙන් තුනී රෙදි මදින ලෙසත්
  • රූපවාහිනිය භාවිතා නොකිරීමේදී දුරස්ථ පාලකය මඟින් පමණක් නොව රූපවාහිනියේ ස්වීචය මඟින් ද නිවා දමන ලෙසත්, මන්ද රූපවාහිනියේ “Standby mode” ඇති විටක වොට් 2 – 5 අතර ශක්තිය අපතේ වැයවෙන බවත්
  • රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේදී අනුමත බරට වඩා අතිශයින් වැඩි බරක් හෝ අඩු බරක් යන්ත්‍රයට පැටවීමෙන් වැළකීම
  • වියළීමේදී යන්ත්‍රය භාවිතා කිරීම වෙනුවට හිරු එළිය භාවිතා කිරීම
  • රෙදි සෝදන යන්ත්‍රයේ ඉදිරිපසින් රෙදි ඇතුළු කරන යන්ත්‍ර ඉහළින් රෙදි ඇතුළුකරන යන්ත්‍ර වලට සාපේක්ෂව කාර්‍යක්ෂම ක්‍රියාත්මකවන බව
  • ආහාර පිසීමේ දී පීඩන උදුන් (ප්‍රෙෂර් කුකර්) හැකි සෑම විටකම භාවිතා කරන ලෙස

 

දෛනිකව විදුලි උපකරණ භාවිතයේදී මසකට වැයවන ඒකක ප්‍රමාණය

උපකරණය

 

               ඒකක ගණන
දොර දෙකේ ශීතකරණය

(ධාරිතාවය 130W බැගින් පැය 16 බැගින්)

 

 

ඒකක 62

වායු සමන යන්ත්‍රය

(ධාරිතාවය 1500W [18000 BTU] පැය 6  බැගින් )

 

 

ඒකක 135

රූපවාහිනී යන්ත්‍රය

CRT  අඟල් 21 = 100W

LCD  අඟල් 22 = 48W

LED  අඟල් 24 = 28W

 

                ඒකක

12

06

03

සිවිලිම් විදුලි පංකා

(ධාරිතාවය 75W බැගින් පැය 8 බැගින් )

 

ඒකක 18

විදුලි ස්ත්‍රික්කය

(ධාරිතාවය 75W බැගින් විනාඩි 15 බැගින්)

 

ඒකක 06

සූත්‍රිකා විදුලි බුබුළු

(ධාරිතාවය 75W බැගින් පැය 4 බැගින්)

 

ඒකක 09

සූසංහිත ප්‍රතිදීප්ත විදුලි බුබුළු

(ධාරිතාවය 15W බැගින් පැය 4 බැගින්)

 

 

ඒකක 02

ජල පොම්ප

(ධාරිතාවය H. P. 1 [746W] බැගින් විනාඩි 30 බැගින්)

 

 

ඒකක 12

බත් පිසින උදුන

(ධාරිතාවය 600W බැගින් විනාඩි 40 බැගින්)

 

 

ඒකක 12

මයික්‍රොවේව්  උදුන

(ධාරිතාවය 1500W බැගින් විනාඩි 15 බැගින්)

 

 

ඒකක 11

බ්ලෙන්ඩරය

(ධාරිතාවය 250W බැගින් විනාඩි 15 බැගින්)

 

 

ඒකක 02

මේස විදුලි පංකා

(ධාරිතාවය 40W බැගින් පැය 8 බැගින්)

 

 

ඒකක 10

විදුලි කේතලය

(ධාරිතාවය 1500W බැගින් විනාඩි 30 බැගින්)

 

 

ඒකක 23

පරිගණක යන්ත්‍රය

(ධාරිතාවය 80W බැගින් පැය 2 බැගින්)

 

 

ඒකක 05

 

Social Sharing
ආර්ථික නවතම පුවත්