ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.

Cobalt deposits in the Indian Ocean

ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය ගවේෂණය කිරීමට ඉන්දියාව විසින් සිදු කළ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් විරෝධය පළ කොට තිබේ. මෙලෙස අප රට විසින් විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් නිධියක් ගවේෂණය කිරීමට අවශ්‍ය අයිතිය ලබා ගැනීමට පසුගිය දා ඉන්දියාව සිදු කළ යෝජනාවටයි.

ඒ අනුව ඉන්දියාවට අවශ්‍ය මෙම කොබෝල්ට් බහුල ෆෙරොමැන්ගනීස් නිධිය ශ්‍රී ලංකාවේ විස්තීරණ මහද්වීපක රාක්කයට හිමිකම් කියන බවයි. ශ්‍රී ලංකාව විසින් 2009 වර්ෂයේ දී මෙම මහාද්වීපික තටක සීමා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිෂන් සභාවට (CLCS) අයදුම් කිරීමෙන් නාවික සැතපුම් 200 කින් ඔබ්බට සිය පාලනය පුළුල් කිරීමට උත්සාහ කළ අතර ඒ සඳහා UN-CLCS තීරණය ලැබීමට නියමිතය. එය තීරණය කරන තෙක් Afanasy Nikitin මුහුදු කන්දෙහිහි ගවේෂණ අයිතීන් සඳහා නව දිල්ලියේ ආයාචනය පිළිගැනීමෙන් වළකින ලෙස රජය මුහුදු පත්ල පිළිබඳ ජාත්‍යන්තර අධිකාරියෙන් (ISA) ඉල්ලා ඇත.

ඉන්දීය රජයේ පෘථිවි විද්‍යා අමාත්‍යාංශයේ ස්වාධීන ආයතනයක් වන පෘථිවි පද්ධති විද්‍යා සංවිධානය (ESSO), මධ්‍යම ඉන්දියන් සාගරයේ Afanasy Nikitinහි කොබෝල්ට් බහුල ෆෙරෝමැන්ගනීස් ගවේෂණය සඳහා වසර 15 ක වැඩ සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා 2024 ජනවාරි 18 වන දින ISAහි මහලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී.

මෙම මහාද්වීපික තටක හිමිකම,  ඕනෑම රටක සුවිශේෂ ආර්ථික කලාපය (EEZ) තෙක් පවතින අතර මෙම කලාපය වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200 (කිලෝමීටර් 370) දක්වා විහිදෙයි. වෙනත් රටවල නැව් සඳහා මෙම වෙරළ තීරය හරහා ගමන් කළ හැකි වුවද, ආර්ථික වාසි ලබා ගත හැක්කේ අදාල රටට පමණි.

ලැප්ටොප්, ස්මාර්ට් ජංගම දුරකතන සහ විදුලි වාහනවල බැටරි පමණක් නොව ජෙට් එන්ජින් සහ ගෑස් ටර්බයින සඳහා ද මෙම කොබෝල්ට් භාවිතා කරයි.

චේතනා ගෝමස් විසිනි

Social Sharing
නවතම විශේෂාංග