විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නව පිබිඳීමක් ඇතිකරමින් පවති. ආර්ථික අවපාතය හා කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිකිර්රිම් ක්ෂේත්රයේ බොහෝ ඉදිකිරීම් රැසක් අඩපණ විය. එයට හේතු වූ මූල්‍යමය බාධාවන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉවත් වූ අතර ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාවක් ඇති වී ඇත. Daily News පුවත්පත වාර්තා කළ ආකාරයට Access Engineering PLC හි විධායක උප සභාපති ජේ. සී ජෝෂුආ සාකච්ඡාවක දී පවසා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමෙහි අවශ්‍යතාවය හා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම දළ දේශීය නිෂ්පාදිතය 3% කින් ඉහළ නැංවිය හැකි බව හා දළ වශයෙන් ඩොලර් බිලියන 2.5 ක් වෙළඳපොළට එකතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනයට සේවා ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය අංගයක් වන ඉදිකිරීම් ක්ෂේත්රය විශාල දායකත්වයක් සපයන අතර ආර්ථික අර්බුදයට පෙර, මෙම අංශය රටේ විශාලතම සේවා යෝජකයන්ගෙන් එකකි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඉදිකිරීම් අංශය 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4%ක් පමණ වූ අතර, කම්කරුවන් සිය දහස් ගණනක් සේවයේ යොදවා ඇත.
මෙම සාකච්ඡාව තුළ දී INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැන් කුනිග් මහතා පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු වූ පොලී අනුපාතවල වැදගත්කම ද අවධාරණය කළේය. ආර්ථික අභියෝග හමුවේ පෞද්ගලික අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ද ඔහු පෙන්වා දුන් අතර Michelin’s මහා පරිමාණ ගබඩාව වැනි සැලකිය යුතු ව්‍යාපෘති දියත් කිරීම මෙම ඔරොත්තු දීමේ හැකියාවට සාක්ෂියක් ලෙසිනි.
ACL Cables PLC හි CFO, මහේෂ් අමරසිරි මහතා ප්‍රධාන ආයෝජන ක්ෂේත්රයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පුළුල් වන බව අවධාරණය කළේය. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ ඒ ආශ්රිත නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් උත්තේජනයක් ඇති කරනු ඇති බවයි.
ආර්ථික අර්බුදය සහ COVID-19 වසංගතය ඉදිකිරීම් ක්ෂේත්රයට දැඩි ලෙස බලපෑ අතර, 2022 දී මහ බැංකුව විසින් වාර්තා කරන ලද ආකාරයට -20.9% ක සැලකිය යුතු අඩුවීමක් එම ක්ෂේත්රයේ පැවති බවයි. බුද්ධි ගලනය සහ කුසලතා වලින් යුතු ශ්‍රමිකයන් නොමැතිකම ඇතුළු කර්මාන්තය ක්ෂේත්රයේ මුහුණ දෙන අභියෝග හේතුව්න් මෙම අඩුවීම ඇති වී ඇති බව අවධාරණය කරයි. මෙම ගැටළු විසඳීම සඳහා, Access Engineering සහ INSEE සිමෙන්ති වැනි සමාගම් ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පුහුණු වැඩසටහන් සහ නව තාක්ෂණයන් සඳහා ආයෝජනය කරන බවට පවසා ඇත.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපේක්ෂිත අරමුදල් ගලා ඒම, ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ ආර්ථික වර්ධනයට දායක වෙමින් ඉදිකිරීම් කර්මාන්තයට නව ජීවයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිකිරීම් ක්ෂේත්රයේ නව පිබිඳීම දළ දේශීය නිෂ්පාදිතය සඳහා පමණක් නොව ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා වන තීරණාත්මක පියවරකි.