ඉන්දීය අරමුදල් යොදවා යාපනයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමට නියමිතයි

ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජය පවසන පරිදි, යාපනය දිස්ත්‍රික්කයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන යොදා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස්කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට 2016 ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවිය.

ව්‍යාපෘතිය වසර තුනක කාලයක් තුළ අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් මතුව ඇති මූල්‍ය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලය 2014 ජුනි මාසය දක්වා දීර්ඝ කර ෆෙරෝ සිමෙන්ති වෙනුවට PVC වැසි ජල ටැංකි 1831ක් සවි කිරීමට 2022 වසරේ කැබිනට් අනුමැතිය හිමි විය.

කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ ඉතිරි මුදලින් වැසි ජලය රැස්කිරීමේ ටැංකි 924ක් ස්ථාපිත කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Social Sharing
ආර්ථික නවතම පුවත්