පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.

embilipitiya police station torture

ඇඹිලිපිටිය පොලීසිය පුදගලයකු සම්පූර්ණ නිරුවත්කර, නයිමිරිස්  පුරුෂ ලිංගයේ බැද, අධෝ මාර්ගයේ මෙන්ම තොල් පෙතිවල නයි මිරිස් යුෂ තවරා, විලංගු දැමූ දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා, ධර්ම චක්‍රය කරකවනවා යයි පවසමින් අතින් හා හෝස් බටයකින් පහර දී, සොපින් බෑග් එකකට පෙට්‍රල් දමා, ඔළුවෙන් එය බස්සා හිරකර පහර දී ඇත.

මෙලෙස පහර කෑමට ලක් වූයේ  සෙවනගල, කිරිවැව, නුගේගල යාය, කටුවන යාය අංක 55 යන ලිපණයේ පදිංචි 55 වියැති දෙදරු පියෛකු වූ සුසිල් විතාරණගේ යන අයයි.

embilipitiya police station torture

මෙහු පසුගියදා (28දා) තම නිවසෙහි පවත්වාගෙන යන ගොඩ බෝග වගාවේ වැඩ කරමින් පසුව සිටියදී එදින ප.ව. කාලයේ සුදු පැහැති කාර් රථයකින් පැමිණී තිදෙනතකු විසින් ඔවුන් දකුණු පලාත් දූෂණ මර්ධන ඒකකයෙන් පැමිණි බව සදහන් කරමින් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා තංගල්ල වෙත යෑමට යයි පවසා අත්තඩංගුවට රැගෙන, ඇඹිලිපිටිය කුඹුගොඩ ආර ප්‍රදේශය අවට පිහිටි කැලයක් වෙත දෑස් බැද රැගෙන ගොස් ඉතාමත් අමානුෂික අන්ධමින් පහර දී, කුඹුගොඩ ආර වෙළද සැලක් වෙත නැවත රැගෙන විත් වෙළඳ සැල තුලදීද පහර දී ලියනා ලද ප්‍රකාශ දෙකකට කන අත්සන් රැගෙන, එදින සන්ධ්‍යා කාලයේදී ඇඹිලිපිටිය බස් නැවතුම පිටුපසට රැගෙන විත් දමා ගොස් ඇති අතර, ඒ මොහොතේදීම ඇඹිලිපිටිය පොලීසිය විසින් බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙම පුද්ගලයාට ඉතාමත් අමාණුෂික අන්ධමින් පොලිස් නිලදාරින් හතර දෙනකු විසින් පහර දී අත්තඩංගුවට රැගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස්, මොහුව සම්පූර්ණයෙන්ම නිරුවත්කර, පුරුෂ ලිංගයේ නයි මිරිස් බැද, අධෝ  මාර්ගයට හා දෙතොල්වලට නයි මිරිස් යුෂ ගල්වා, රජකාලෙ දඩුවමක් වූ, දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා එල්ලා, ධර්ම චක්‍රය කරකවනවයි කියමින් අතින් හා හෝස් බටයකින් විනාඩි 15කට අධික කාලයක් පහර දී, සොපින් බෑග් එකකට පෙට්‍රල් දමා, ඔළුවෙන් එය බස්සා හිරකර යතුරු පැදි සොරකමක් පිලිබදව විමසමින් දින තුනකට ආසන්න කාලයක් නීති විරෝධී ලෙස රදවා තබා ගනිමින් පහර දී ඇත. මොහුගේ පුත්‍රයා විසින් 29 දා ඇඹිලිපිටිය පොලීසිය වෙත ගොස් මෙම පුද්ගලයා රැගෙන ආවද යනුවෙන් විමසා ඇතත් එවැනි පුද්ගලයකු පොලීසිය වෙත රැගෙන නොවා බව පොලීසිය විසින් පවසා ඇත. මොහුට පහර කෑමට නොහැකි තැන මොහු විසින් 30 වනදා අළුයම 02.30 ට පමණ ඇඹිලිපිටිය පොලීසියෙන් පලා ගොස් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට ඔහුට සිදූ වූ සිද්ධිය සැල කිරීමෙන් අනතුරුව එහි සම්බන්ධීකාරක විසින් සෙවනගල පොලිස් ස්ථානාදීපතිතුමාව ඇනුවත් කිරීමෙන් අනතුරුව සෙවනගල පොලිස් ස්ථානාධීපති විසින් වහා ක්‍රියාත්මක වී අදාල පුද්ගලයා පොලිස් ස්ථානය වෙත කැදවා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මෙන්ම ඔහුව හම්බන්තොට මූලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

embilipitiya police station torture embilipitiya police station torture

සටහන – තරංග එල් පටබැදි

හම්බන්තොට

Social Sharing
අවකාශය නවතම