මන්ත්‍රී­තුමා පසු­පස පන්නා­ගෙන ගිහින් පොලු­ව­ලින් ගහ­නවා මම දැක්කා…

මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ ඇතුළු ත්‍රිපු­ද්ගල ඝාතන නඩුව

“අර­ලි­ය­ගහ මන්දි­රයේ පැවති මහින්ද රාජ­පක්ෂ මහ­තාට සමු­දීමේ රැලි­යට සහ­භාගි වී අපි 2022. 05. 09 වෙනිදා ආපහු පොලො­න්න­රු­වට යන ගම­නේදී නිට්ට­ඹුව නග­ර­යට එන විට පිරි­සක් පොලු අර­ගෙන පාරේ හිටියා. ඔවුන් අපි ගිය පාරේ වාහන නව­ත්ත­මින් තමයි හිටියේ. අපේ වාහ­න­යත් නව­ත්තලා කිහිප දෙනෙක් පොලු අර­ගෙන ඇවිත් උඹලා කොහෙද ගියේ කියලා ඇහුවා. මන්ත්‍රී­තුමා කිව්වා, අපි වෙඩින් එක­කට ගියා කියලා. ඒ එක්කම ඔවුන් කිව්වා, වාහ­න­යෙන් බැහැ­පල්ලා කියලා. පස්සේ අපි වාහ­න­යෙන් බැහැලා මන්ත්‍රී­තු­මයි ආර­ක්ෂක නිල­ධා­රි­යයි ආපහු කොළඹ පැත්තට ගියා. මම නිට්ට­ඹුව පැත්තට වෙන්න පාර අයිනේ හිටියා. පොලු අර­ගත්ත පිරිස වාහනේ දොර ඇරලා පරීක්ෂා කළා. ඒ එක්කම ඔවුන් කිව්වා, මන්ත්‍රී­ව­ර­යෙක් මන්ත්‍රී­ව­ර­යෙක් කියලා. ආපහු මන්ත්‍රී­තුමා පසු­පස පන්නා­ගෙන ගිහින් පොලු­ව­ලින් ගහ­නවා මම දැක්කා. මම ඒ ළඟ තිබූණ කොන්ක්‍රීට් පාරක් දිගේ දුව­ගෙන ගියා.”

2022 මැයි මස 09 වැනි දින අර­ග­ලය පැවති දින­යේදී නිට්ට­ඹුව නග­ර­යේදී පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ මහතා ඇතුළු ත්‍රිපු­ද්ගල ඝාතන නඩු­වේදී එම අව­ස්ථා­වේදී මන්ත්‍රී­ව­ර­යාගේ රියැ­දුරු ලෙස කට­යුතු කළ සමන් කුමාර (38) මහතා නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහ­තාගේ මෙහෙ­ය­වීම මත පැමි­ණිල්ලේ සාක්ෂි දෙමින් ගම්පහ මහා­ධි­ක­ර­ණ­යේදී එසේ පැව­සීය.

රුවන් පති­රණ, සහන් මාපා බණ්ඩාර සහ රශ්මි සිංග­ප්පුලි යන ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමු­වේදී මේ නඩුව විභාග කෙරේ.

පසු­ගිය 27 වැනි දින පැවති මේ නඩු­වේදී පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් ලෙස පුද්ග­ල­යන් පස් දෙනකු අධි­ක­ර­ණ­යට කැඳවා තිබිණි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් 41 දෙන­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් අධි­චෝ­දනා ගොනු කර තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ඔස­වල් පෙරේරා, රජයේ නීතිඥ ධනුෂ්ක රාහු­බද්ධ මහ­ත්ව­රුන් සමඟ නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යහ.

වැඩි­දුර විභා­ගය ජූලි මස 28 වැනි දිනට කල් තැබිණ.

2022 දී උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට සිදු වූ පලිගැනීමේ ප්‍රහාර,  රඹුක්කන ඉන්ධන පිරවුම්හල අසළ සිදු වූ පොලිස් වෙඩි තැබීම සහ ගෝල්ෆේස් පිටියේ ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය යන සිදුවීම් පදනම් කර ගනිමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය අධ්‍යන වාර්ථා ත්‍රිත්වයක් එළි දැක්විය. මැයි 09 පලිගැනීමේ ප්‍රහාර නම් අධ්‍යන වාර්ථාවේ හිටපු පා.ම අමරකීර්ති අතුකෝරළ මහතා ගේ ඝාතනය සම්බන්ධ ව සඳහන් කළ ඇත. එමෙන්ම එතුමන්ගේ බිරිඳ, පුතුනුවන් සහ රියදුරුවරයා ලබා දුන් අදහස් මත නිර්මාණය කළ වීඩියෝක්වද එම මධ්‍යස්ථානය විසින් පළ කර ඇත. එම අධ්‍යන වාර්ථා කියවීමට සහ වීඩියෝව නැරඹීමට පහත ඇති සබැඳි ඔස්සේ පිවිසෙන්න.

May 9 Retaliatory Attacks

Violence in Rambukkana

A case study on the attack against the protesters near the Presidential Secretariat at Galle Face Sri Lanka on May 09th, 2022

Social Sharing
නවතම පුවත්