ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩො.බි 17ක වාසියක් – අලි සබ්රි

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කළා.

එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පවසා සිටියා.

අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශකලේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බවත්, සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙන බවත්, දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතු බවත් පැවසීය.

මේ අතර, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා දෙරණ බිග්ෆෝකස් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමත් සමග මෙතෙක් නතරව තිබු සංවර්ධන ව්‍යාපෘති 200 ක් පමණ යළි ක්‍රියාත්මක කිරීමට මුදල් ලැබෙනු ඇති බව බවයි.

ඒ අනුව, කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති මෙලෙස යළි කිර්යත්මක කිරීමට හැකි වෙන බවයි.

ශ්‍රී ලංකාව ණය ගෙවීම අත් හිටවන බවට 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශ කිරීමත් සමග මෙය ව්‍යාපෘති සඳහා අනුමත මුදල් ලබාදීම අදාළ රටවල් විසින් නවතා දමා තිබිණි. එම රටවල් සමග ණය  ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සම් කිරීමත් සමග එම  මුදල් යළි ලබාදීම ආරම්භ වනු ඇත.

Social Sharing
ආර්ථික නවතම පුවත්