වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි…

වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම දිනය සැමරීමට එක් වෙයි.

වධහිංසා පැමිණවීම මිනිසුන්ට එකිනෙකාට කළ හැකි නොමනා ම ක්‍රියාවකි. එය ශාරීරිකව පමණක් නොව, මිනිසුන්ට මානසිකව හා චිත්තවේගීය වශයෙන්ද වේදනාකාරී වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාවරය වන්නේ ද වධහිංසා පැමිණවීම වැරදි බවත් ලෝකයේ සෑම තැනකම එය නැවැත්විය යුතු බවත්ය.

නීත්‍යානුකූල නොවන නමුත් ලෝකයේ බොහෝ රටවල වධහිංසා පැමිණවීම තවමත් සිදුවේ. වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් පවසන්නේ වධහිංසා පැමිණවීම වැඩිවෙමින් පවතින අතර එයට හේතුව 1945 සිට පැවති ගැටුම්වලට වඩා දැන් ලෝකයේ ගැටුම් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ වධහිංසනයට එරෙහිව ඉහළ ගණයේ නීති මාලාවක් තිබුණද, වධහිංසනය තවදුරටත් ඉහළ මට්ටමකින් පැවතීම ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයේ දුර්වලතාවයද වධහිංසනයට ඉඩ දෙන පාලන හා සමාජ නිර්මිතයන් පෙන්වයි. මේ ආකාරයට වධහිංසනය සිදු කිරීම ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කිරීම මිනිස් නිදහස හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අයහපත් තත්වයක් වන අතර මහජන පරමාධිපත්‍ය යේ කොටසක් වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම දරණ රජය මේ තත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කල යුතු බවත් සිය නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් වධහිංසනය පිටු දකින මිනිස් අයිතිවාසිකම් ගරු කරන පිරිසක් බවට පත් කිරීම රජයේ අත් හළ නොහැකි වගකීමක් බවත් සඳහන් කළ යුතුය.

2024 වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ සංවිධානය ඇතිව “සුවිසල් නීති රාමුවක් තුළ වදහිංසාව පැවතීම” යන තේමාව ඔස්සේ  විද්වත් සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක, නීතිඥ ලක්ෂාන් ඩයස්, අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ‍සහ  ආචාර්ය චූලනී හේරත් යන මහත්ම මහත්මීන් එම අවස්තාවේදී අදහස් ඉදිරිපත් කිරීමට සහභාගී වීමට නියමිතය. 

 

Social Sharing
නවතම පුවත්