ලැබෙන්නේ නෑ කියපු ‘IMF’ 3වන වාරිකය ලැබුණේ කොහමද?

ranil imf

“IMF” පළමු වාරිකයේ සිටම මහචාර්‍ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සහ “Verité Research” ආයතනය දිගින් දිගටම පැවසු කාරණා සියල්ල ප්‍රහේලිකාවක් කරමින් “IMF” තුන්වන වාරිකයත් සාර්ථක අන්දමින් ලංකාවට ලැබී ඇති බව දේශපාලන විචාරක විපුල කරුණාතිලක Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේය.

ඔවුන් මෙසේ “IMF” විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ පළමු වාරිකයේ සිට තුන්වන වාරිකය දක්වාම අනාවැකි ඉදිරිපත් කරමින් අදහස් දැක්වූයේ කුමන දේශපාලන “බැදියාව” මතද යන්න සහ එවැනි දෙයක් සමාජගත කිරීමට ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවක් දිවා රෑ නොබලා වැඩකලේ ඇයිද යන්න විපුල කරුණාතිලක මහතා ප්‍රශ්න කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ලංකාව 16 වතාවක් “IMF” සමග ගනුදෙනු කර තිබුනත් ඔවුන් ලබා දුන් මාර්ගෝපදේශය අනුව කටයුතු නොකල නිසා තෝරාගැනීමක් නොමැතිව මේ සෙකැස්ම තුලින්ම ඉදිරි වැඩ කටයුතු කිරීමට සිදුවන බවත් එසේ නොකර එය ඉවත් කලවිට නැවතත් රට බංකලොත් වීමේ ප්‍රවනතාවය වැඩි බවයි.

විපුල කරුණාතිලක ගේ සමස්ත විග්‍රහය පහත වීඩියෝ වෙන් බලන්න…

theleader.lk

Social Sharing
අවකාශය නවතම