පොලි­ස්ප­තිට එරෙහි පෙත්සම් ඉදි­රි­යට ගෙන යා නොහැ­කියි…

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යට පත් කිරී­මට එරෙ­හිව ගොනු­කර ඇති පෙත්සම් පව­ත්වා­ගෙන යෑමට නොහැකි බවට මූලික විරෝ­ධතා ඉදි­රි­පත් කරන බව නීති­ප­ති­ව­රයා ඊයේ (19) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටියේය. 

බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යට පත් කිරී­මට එරෙ­හිව ගොනු­කර තිබූ පෙත්සම් නව­යක් කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නෙරි­න්පුල්ලේ මහතා මේ බව දන්වා සිටි­යේය.

මුර්දු ප්‍රනාන්දු, කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳ­වන ලදි.

එහිදී නීති­ප­ති­ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් කිහි­ප­දෙ­නකු වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රල් නෙරි­න්පුල්ලේ මහතා සඳ­හන් කළේ දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්ප­ති­ව­රයා ලෙස පත් කිරී­මට එරෙ­හිව ගොනු­කර ඇති පෙත්සම් පව­ත්වා­ගෙන යෑමට ඇති නීති­මය නොහැ­කි­යාව ඇතු­ළුව පෙත්සම් සම්බ­න්ධ­යෙන් මූලික විරෝ­ධතා ඉදි­රි­පත් කිරී­මට තමන් අපේක්ෂා කරන බවය.

එසේම පෙත්සම් විභා­ග­යේදී අධි­ක­ර­ණය මඟින් ඉල්ලා සිටින ඕනෑම ලිය­වි­ල්ලක් ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බව ද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල මෙම පෙත්සම් ජූලි 08 වැනිදා කැඳ­වී­මට තීර­ණය කළේය.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා මේ වන විට අකැ­මැත්ත පළ කර ඇති ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු එස්. තුරෙ­යි­රාජා මහතා නොමැති විනි­සුරු මඬු­ල්ලක පෙත්සම් කැඳ­වන ලෙස තව­දු­ර­ටත් නියම කෙරිණි.

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යට පත් කිරී­මට එරෙ­හිව අග­ර­ද­ගුරු අති­උ­තුම් කාදි­නල් මැල්කම් රංජිත් හිමි­පා­ණන්, විකල්ප ප්‍රති­පත්ති කේන්ද්‍රය, මහා­චාර්ය සාවිත්‍රී ගුණ­සේ­කර, නිරෝ­ෂන් පාදුක්ක, හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර ඇතුළු පිරි­සක් විසින් පෙත්සම් 09ක් ගොනු කර තිබිණි.

නීති­ප­ති­ව­රයා, කථා­නා­ය­ක­ව­රයා ඇතුළු ව්‍යව­ස්ථා­දා­යක සභාව සහ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කොන් මහතා මෙම පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම් කර ඇත.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනා­ධි­පති කොමි­ෂන් සභා­වේදී එව­කට බස්නා­හිර පළාත භාරව සිටි නියෝජ්‍ය පොලි­ස්පති වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සාක්ෂි ලබා දුන් බවට පෙත්ස­ම්වල සඳ­හන් වේ.

එම ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ වැද­ගත් තොර­තුරු ලැබී තිබි­ය­දීත් ඔහු සිය රාජ­කාරි ඉටු නොකළ බවට කොමි­ෂන් සභා වාර්තාවේ 20 වැනි වෙළුමේ පැහැ­දි­ලිව සඳ­හන් කර ඇති බවට පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන් සිය පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

එම­ඟින් එම අව­ස්ථා­වේදී බස්නා­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ දේශ­බන්දු තෙන්න­කොන් මහතා සිය රාජ­කාරි පැහැර හැර ඇති බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. එසේම ගාලු­මු­ව­දොර පිටියේ රැඳී සිටි අර­ග­ල­ක­රු­වන්ට අමා­නු­ෂි­කව පහ­ර­දෙනු ලැබුවේ ද දේශ­බන්දු තෙන්න­කෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාව කට­යුතු කළ සමයේ බව මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

රටේ නීතිය ක්‍රියා­ත්මක කරන රටේ ප්‍රධාන දෙපා­ර්ත­මේ­න්තු­වක් වන පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා මෙන්ම එහි වග­කීම ලබා­දිය යුත්තේ, මානු­ෂීය ගුණාං­ග­ව­ලින් හෙබි අය­කුට බව සඳ­හන් වේ. ඊට පට­හැ­ණිව ක්‍රියා කළ පුද්ග­ල­ය­කුට එහි වග­කීම් පැව­රීම මඟින් සිය මූලික අයි­තීන් උල්ලං­ඝ­නය කිරී­මක් බව පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.

එබැ­වින් වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්ප­ති­ව­රයා වශ­යෙන් පත්කි­රී­මේදී ව්‍යව­ස්ථා­දා­යක සභාවේ අනු­මැ­තිය ලැබුණු ආකා­රය පිළි­බඳ ගැට­ලු­ස­හ­ගත තත්ත්ව­යක් ඇති බව ද පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහා­රය සිදු වන විට බස්නා­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස සිටි දේශ­බන්දු තෙන්න­කෝන් මහතා රාජ­කා­රිය පැහැර හැර ඇති බැවින් පොලි­ස්පති ධුර­යට ඔහු පත් කිරීම මඟින් මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වීමක් සිදු­වන බවට තීර­ණය කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

නෙල්කා මැද­ගෙ­දර
Social Sharing
නවතම පුවත්