ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්

Unhrc

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කරමින් වාර්ථාවක් ඊයේ දින (19) ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව  ඇමරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව අදාළ රටවල් සමූහය සිය වාර්තාව මඟින් දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් හඳුන්වාදෙන නව නීති සකස් කළ යුත්තේ සැමගේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මානව හිමිකම් ආරක්ෂ වන ආකාරයෙන් බව එම වාර්තාවේ සඳහන්ය.

යාපනය අධි ආරක්ෂිත කලායේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන එම රටවල් උතුරු සහ නැගෙනහිර ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ද දැනුම් දී තිබේ.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, අක්‍රමවත් සෝදිසි කිරීම් සහ පොලිස් මෙහෙයුම් අතරතුර රඳවා තබා ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කරන බව සිය ඒකාබද්ධ වාර්තාව ඉදිරිපත් කරමින් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරය පෙරේදා දිනයේ ආරම්භ වු අතර එය ලබන මස 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Social Sharing
නවතම පුවත්