නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

natasha

බුදු දහමට සහ බුදුන් වහන්සේට නිග්‍රහ වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර අදාල සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටියා.

නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් සම්බන්ධව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ මැයි මාසයේදී. ඒ සිංගප්පූරුව බලා යාමට ඇය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි අවස්ථාවේදීයි. අදාල වැඩසටහන සංවිධානය කළ බවට සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදක බෲනෝ දිවාකර ද පසුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබුවා.

Social Sharing
නවතම පුවත්