පොලිස් කොමිසමේ කෙරුවාව විගණයෙන් හෙළිවේ

ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධව ඉදිරිපත් වී ඇති නවතම විගනන වාර්තාව තුළින් 2023 වසරේ දී පොලීසියට එරෙහිව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොකිරීම, බලය අයථා ලෙස පරිහරනය සහ පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වේ.

ඒ අනුව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 33%ක් නීතිය ක්‍රියාත්මක නොකිරීම, 30%ක් බලය අයථා ලෙස පරිහරනය හා 18%ක් පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කිරීමට අදාලව වන අතර, එම පැමිණිලි විමර්ශන අවසන් කිරීමේ ප්‍රගතිය ලෙස පිළිවෙලින් 24%, 25% හා 17% ක් වශයෙන් අඩු ප්‍රථිශතයක් පැවතුණ බව ජාතික විගනන කාර්යාලය සදහන් කරයි.

ජාතික පොලිස් කොමිසමට පසුගිය වර්ෂයේ දී පැමිණිලි 2448 ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 561ක් එනම් 23%ක් විමර්ශන කටයුතු අවසන් කර ඇතත් පැමිණිලි 1887ක් එනම් 77%ක් විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව වාර්තාවේ.

එමෙන්ම, පළාත් කාර්යාල තුළින් අවම වශයෙන් 25%ක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් කාර්යල ප්‍රමාණය 8ක් බවත්, ඌව පළාත් කාර්යාලයේ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රගතිය 8%ක පමණ අඩු ප්‍රථිශතයක පැවති බවද එම වාර්තාව පෙන්වා දේ.

මෙම තොරතුරු සදහන් වනුනේ ජාතික පොලිස් කොමිෂන් සභාව 2023 වාර්ෂික වාර්තාවට ඇතුලත් කරනු ලැබ ඇති විගණන වර්තාවේ බවත්, එම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ලකාදීප පුවත්පත මේ සම්බන්ධව ජූලි 18 වන දින සුජිත් හේවාජූලිගේ විසින් පලකළ ලිපියක සදහන් වේ.

මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුර පිරවීම සඳහා අයදුම්පත්  කැඳවා ඇත. ඒ සඳහා වන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාව  සඳහා සාමාජිකයන් පත්කිරීම’  නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කර අදාල අයදුම්පත්‍රය 2024 ජූලි මස 01 දින හෝ එදිනට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව සදහන් වේ.

 

Social Sharing
නවතම පුවත්