කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ජුනි 26 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.
ජීප් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (16) කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී මාර්ගය හරස්කර මෝටර් රථයකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබුණි.
ඒ, එම ව්‍යාපාරිකයාගෙන් මිලදී ගත් ත්‍රිරෝද රථයක් කල්බදු අතපසු වූ රථයක් බවට අනාවරණය වීමෙන් හටගත් මතභේදයක් මුල්කරගනිමිනි.
බෙන්තොට නිවසක රඳවාගෙන පහරදී, ත්‍රිරෝද රථය සඳහා ලබාගත් මුදල් යළි ලබාදෙන බවට ලිපියකට අත්සන් ගැනීමෙන් පසු ව්‍යාපාරිකයාව අද ඔහුගේ නිවස අසළට ගෙනැවිත් දමාගොස් තිබුණි.
පොලිසිය පැවසුවේ, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න නමැත්තා ඔහුගේ ජීප් රථයෙන් මෙම පැහැර ගැනීම සඳහා පැමිණ ඇති බව සීසීටීවී දර්ශන අනුව කළ විමර්ශනවලදී අනාවරණය වූ බවය.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පැහැර ගැනීමට සම්බන්ධ අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.