බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි

Perpetual-Treasuries-chairman

පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ.

මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුවට යෑම සඳහා එම අවසරය ලබා දී ඇත.

ඒ අනුව ජූලි මස 1 වන දින සිට සැප්තැම්බර් මස 12 දක්වා කාලය තුළ විදෙස්ගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද අවසර ලබාදුනි.

අදාළ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දෙන ලෙසට අමල් පෙරේරා, ආචාර්ය නාමල් පෙරේරා බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවන් විසින් නියෝග කළහ.

Social Sharing
නවතම පුවත්