ඉහල නැංවූ වතු සේවක වැටුප් ලබා දීම ඇරඹේ

plantation workers

පසුගිය අප්‍රේල් මස රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ දින සිදු කෙරුණි.

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක්ව පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම පැවසුවේ එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බවය.

මෙවන් පසුබිමක මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට පියවර ගත්තේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම් ප්‍රධාන කාර්යාලයේදී වතු කම්කරු ජනතාව වෙත වැඩි කළ දෛනික වැටුප් ප්‍රදානය කෙරුණි.

 

Social Sharing
නවතම පුවත්