නරේන්ද්‍ර මෝදිගේ පසුබෑම – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මැතිවරණ ජයග්‍රහණයත් සමග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය ධුරයට නම් කරන බව එම සන්ධානය මේ වන විට ප්‍රකාශ කර ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජාතිය අමතා ඇත. මෙය සමස්ත භාරතීය ජනතාව ලැබූ ජයග්‍රහණයක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ ජයග්‍රහණයක් බවද ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ඉදිරි වසර පහ සඳහා ඉන්දියාව තෙවැනි වරටත් මෝදිගේ නායකත්වය යටතට පත්ව ඇත.

එහෙත් මෙවර මැතිවරණයෙන් අපේක්‍ෂිත  ජයග්‍රහණය හිමිකර ගැනීමට මෝදී පාර්ලිමේන්තුවේ ආසන 543න් 400කට ආසන්න මන්ත්‍රීතුර සංඛ්‍යාවක් ලබා ගැනීමට මෝදි සැලසුම් කළ ද එම අරමුණ අසමත් වී ඇත. පාර්ලිමේන්තුවේ ආසන 543න්400 ක ට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීම මෝදිගේ අභිලාෂය විය. . එය සැලසුම් කළ ආකාරයට ඉටුකර ගැනීමට නොහැකි වී ඇතිවා පමණක් නිය නොව පසුගිය මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තම පක්ෂය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවද ලබා ගැනීමට අසමත් වී ඇත. ආසන පන්සිය 543කින් යුත් ලෝක සභාවේ බහුතර බලය හිමිකර ගැනීම සඳහා ආසන 272 දිනාගත යුතුව තිබූ නමුත් තනි දේශපාලන පක්ෂයකට එම කඩඉම පසු කිරීමට ක් නොහැකි වී ඇත.තනි පක්ෂයක් ලෙස පමණක් නොව සන්ධානයක් ලෙසද පසුබෑමට ලක්ව ඇති අතර සන්ධානගතව සිටින පක්ෂ යම් ප්‍රමාණයකට තම  ආසන සංඛ්‍යාව වැඩි කරගෙන ඇති අතර  තනි පක්‍ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂයේ තම බලය දුර්වල වී ඇත.

රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්දියා සන්ධානය සැලකිය යුතු ලෙස ඉදිරියට ම පැමිණ ඇත.

මෙවර ඉන්දීය මහ මැතිවරණ ව්‍යාපාරය  තුළ  නරේන්ද්‍ර මෝදී  ආකර්ෂණීය ප්‍රචාරාත්මක ව්‍යාපාරයක් දියත් කළ අතර  එය දැඩි හින්දු ජාතිකවාදී ආගමික වාදී ප්‍රචාරක ව්‍යාපාරයක් විය. ලෝක බලවතෙකුගේ තැනට ඉන්දියාව ඔසවා තැබූ මෝදි  සඳු තරණය කිරීම ඉර තරණය කිරීම ජාත්‍යන්තර සමුළු සහ ගෝලීය බලවතුන්ට අභියෝගාත්මකව ආර්ථික සහ දේශපාලනික වශයෙන් කටයුතු කිරීම ආදිය හරහා භාරත අභිමානය ඔසවා තබමින් දැඩි හින්දු ජාතිකවාදී හා ආගමිකවාද ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ මෝදි මැතිවරණ සටනේදී තමන්ට අභියෝගයක් නොමැතිව විජයග්‍රාහීව ඉදිරියට ගිය අතර  මෝදි  හින්දුන්ගේ ගේ දේවත්වයටද ඔසවා තැබිණි.. මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ  අයෝද්‍යාවේ රාම් දේවාලය මැතිවරණ ව්‍යාපාරය පුරා සංකේතීය වැදගත්කමක් ඉසිලුවේය.

මැතිවරණ ව්‍යාපාරය පුරාම හින්දු ආගමික ප්‍රචාරක ව්‍යාපාරයට වැඩි බරක් තැබූ අතර ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව ලෞකික රාජ්‍යයක් වූ ඉන්දියාව (secular state)හින්දුආගමික රාජ්‍යයක් ලෙස අභිෂේක ගැන්වීය. ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර ආරම්භයේදී නරේන්ද්‍ර මෝදී  පැය 45 ක් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කන්‍යා කුමාරි පූජා භූමියේ විවේකානන්ද ස්මාරකයේ පිහිටි කෝවිල තුළ  භාවනානුයෝගීව උපවාසයක ද නියැලුණේය. කලින් මැතිවරණයේදී හින්දු දේව පුරාණයට අනුව පාර්වතී ශිව දෙවියන් වෙනුවෙන් තනි කකුලෙන් සිටගෙන පූජාවක් පැවැත්වූවාද මතකය. කෙසේ වෙතත් අයෝද්‍යා  රාම් දේවාලය පිහිටා ඇති සහ ආසනයද මෝදිගේ සන්ධානය පරාජයට පත් වී ඇත. රාම් දෙවියන්ගේ උප්පත්ති භූමිය ඔහු දෙස නොබලවේද? නැතිනම් පිටුපෑවේද?

මැතිවරණ පැවැත්වෙන කාලය තුළ ජනරැළි 75කටත් රිය පෙරහැර ඇතුළු මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් 260කටත් මෝදි සහභාගි වී ඇත. මාධ්‍ය ආයතන සහ වෙබ් මාධ්‍ය සේවා සඳහා සම්මුඛ සාකච්ඡා 80කට වඩා ලබා දී ඇත.

කෙසේ වෙතත් මට සිතෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර තම  මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ හින්දු ජාතිකවාදයට වඩා හින්දු ආගමික අන්තවාදයට බර තැබුවා වැඩි යැයි කියාය. ඔහු එය ප්‍රමාණය ඉක්මවා tune කලා යයි මට සිතේ. මේ නිසා ඉන්දියාව තුළ තිබෙන ජාතික ආගමික සංස්කෘතික භාෂාමය වාර්ගික ලිංගික වෙනස්කම් සහිත ජනවර්ග හා සමාජ කණ්ඩායම් කිසියම් සැසලීමකට ලක්වූවායයි මට සිතේ. ඉන්දියානු මුස්ලිම් ප්‍රජාවද කිසියම් බියකට පත් වූ බවක් නිරීක්ෂණය කළ හැක. ඉන්දියානු සිනමාවේ දිදුලන ඉස්ලාමීය සම්භවයක් සහිත සිනමාවේ දෙවිවරු ද තරු ද කිසියම් සැසලීමකට ලක්වූ බවක්ද නිරීක්ෂණය කළ හැක.. ඔවුන් රහසිගතව  සටනට අවතීර්ණ වූ බවක්ද පෙනේ. කෙසේ වෙතත් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපට නොපෙනෙන දැඩි හින්දුත්වාදයට එරෙහි ander current එකක් වැඩ කර ඇතැයි අනුමානයෙන් සිතේ.

කෙසේ වෙතත් වේගවත් ආර්ථික වර්ධනයක් සහිත දියුණු සංවර්ධිත ඔදවත් තෙද වත් බලවත් ලෝක බලවතෙක් ලෙස ඉදිරියට යන ගමනේදී මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට අනාගතවාදී ඉදිරිගාමී කාර්යභාරයක් කිරීමට නම් ප්‍රමාණය ඉක්මවා යන සංස්කෘතික ජාතිකවාදයට හා ආගමික ජාතිකවාදයට අන්තවාදයට බර නොතබා හින්දු සංකල්ප ඉදිරියේ තබාගෙන ආර්ථික ජාතිකවාදයකට තාක්ෂණික ජාතිකවාදයකට බර තැබීම ඉන්දියාවේ අනාගතයට මෙන්ම ලෝකයේ යහපැවැත්මට ද හේතු වනු ඇත. දකුණු ඉන්දියාවේ ආර්ථික හා දේශපාලනික අභියෝගයදඅවධානය යොමු කළ යුතු කාරණයකි.

අධ්‍යතන ශ්‍රී ලංකාවේ ජාතිකවාදී කඳවුරුද ආගමික සංස්කෘතික හා ඓතිහාසික ජාතිකවාදයට බර නොතබා අතීත කාමයට හා පසුගාමිත්වයට ව්‍යාජ දේශප්‍රේමිත්වයට නොයා වත්මන් ජාතික ආර්ථික අභියෝග ජයගැනීමට නූතනවාදී ධනෝපායන ආර්ථික ජාතිකවාදයට වාණිජ ජාතිකවාදයට බර තබා ආරක්ෂණවාදය හා සංවෘත භාවය වෙනුවට ලෝකයට විවෘත වෙමින් ඉදිරියට යාමට නව කතිකාවක් ඇරඹිය යුතුව ඈත. මෙවර ඉන්දියානු  මහ මැතිවරණය තුළත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාර ක්‍රියාපාරය තුළත් නරේන්ද්‍ර මෝදිගේ අනාගත භූමිකාව ඉන්දියානු සාගරය තුලත් ගෝලීයවත් ඉදිරියේදී ඉටු කරන භූමිකාව තුළ තවත් ඉගෙන ගත යුතු පාඩම් බොහෝ ඇත.

2024.06.05

Social Sharing
අවකාශය නවතම පුවත්