කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ මහේස්ත්‍රාත්වරයා සිදු කළ පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ ගුරුවරයකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙසින් පෙනී සිටිමින් කළ බව කියන තර්ජනයක් සම්බන්ධයෙන් දුරකථන දත්ත විශ්ලේෂණයෙන් පසුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව සඳහන්.
පොලීසිය පවසන්නේ මහෙස්ත්‍රාත්වරයා තම ජංගම දුරකථනයෙන් නිතර නිතර තම නිවසේ දුරකථන කිහිපයකට කරදරකාරී ලෙස ඇමතුම් ගැනීම සම්බන්ධයෙන් විමසා තමා ඇමතුමක් ගත් බව එහිදී අදාළ ගුරුවරයා පොලිසියට ප්‍රකාශ කළ බවයි.
මෙම ගුරුවරයා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥවරියකගේ ස්වාමිපුරුෂාය බවද වාර්තා වෙනවා.
තමා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙසින් පෙනී සිටිමින් අදාළ ඇමතුම දුන්නේ කෙසේ හෝ මහෙස්ත්‍රාත්වරයා මුණගැසී ප්‍රශ්නය විසඳාගැනීමේ අරමුණෙන් බවද අදාළ ගුරුවරයා පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වන බව පොලීසිය පවසනවා.
273/24 බී වාර්තාවට අදාළව මෙම ගුරුවරයා අදාළ ප්‍රකාශය ලබා දී ඇති අතර කන්තලේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.
ඒ අනුව, කන්තලේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් සිදුවීම ගැන කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පති සමරනායක මහතාගෙන් ද මීට පෙර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
මේ සම්බන්ධයෙන් තමා කළ විමසීමකදී තමා මහේස්ත්‍රාත්වරයා නොහඳුනන බවත් එවැනි තර්ජනයක් කිරීමට තමාට කිසිදු අවශ්‍යාතාවයක් නොමැති බවත් විදුහල්පති සමරනායක මහතා අවධාරණය කළා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කර සැබෑ වැරැදිකරු නීතිය හමුවට පමුණුවන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටිනවා.
උමන්දා කුලසිංහ