ස්ටාර්ලින්ක් වලට මාරුවෙයන් බං…. මහේෂ් හපුගොඩ

එකමත් එක කාලෙක එක ලෝක කුසලානයක් බලන්න බටපොළ ඇන්ටනා කරකවා කරකවා ඉන්න වෙලාවක තමයි ඩයලොග් ටීවී ආවේ. ඒක ආව කියන්නේ මැච් බලන්න දහදුක් වින්ද අපිට ලොකු සහනයක් උණා කියන එක. ඒක විසින් අපි ටීවී බලන එකේ කොලිටි එක විශාල වශයෙන් වෙනස්කළා කියන එක.

ටීවී එකටයි බටපොල ඇන්ටනා එකටයි ගෙවන මුදලක් ගෙව්වට පස්සේ ටීවී බලන එක ජීවිත කාලෙටම ෆ්‍රී. ආයේ මුදලක් යන්නේ නැහැ.

එහෙම ජිවිත කාලෙටම කරන එක ආයෝජනයකින් මැරෙනකම් සහ ටීවී එක සහ ඇන්ටනා එක තියනකල් නොමිළේ කරන්න තිබ්බ දෙයකට මාසෙකට සැරයක් රුපියල් දෙසිය පනහක් දෙන්න වෙච්ච එක ඒ වෙලාවේ ලොකු ගෙවීමක් උණා. මම මේ දෙසිය පනහ කියන්නේ මම ගන්න වෙලාවේ මාසික ගාස්තුව.

ඒ වගේම තමයි ගමේ කාටවත් ඩයලොග් ටීවී නැති වෙලාවේ ඩිස්ක් ඇන්ටනා එකක් ගෙනත් වහලේ උඩ හයිකෙරුවා කියන්නේ නම්බුකාර දෙයක් උණා. ඒක තියන එක ස්ටේටස් උණා. ගත්ත කෙනා ටික දවසක් යනකල් ප්‍රභූ උණා.

අපෝ දැන් සිග්නල් කරදරේ නැහැ. නියමෙට මැච් එක පේනවා…යන යන තැන එහෙම කියල අපිම ඩයලොග් එකට මාකටින් හැදුවා.

ඊට පස්සේ පියෝ ටීවී ආව. ඩොන්ගල් ආව. රවුටර් ආව. ස්මාර්ට් ෆෝන් ආව. සියල්ල සාමාන්‍යකරණය උනා. ඒ ඒ විදියට අපි හැඩගැහුණා.

දැන් ටවුමේ අලුත්ම ටෝක් එක ස්ටාර්ලින්ක් (Starlink). එලෝන් මස්ක්ගේ වැඩේ. ලෝන්ච් එකට පොරත් එනවලු ලංකාවට.

දැන් තියන එකම කුණුකුණුව ස්ටාර්ලින්ක් එක ගණන් වැඩියි කියන එක. ඒක ඇත්ත තමයි. ඩොලර් රේට් එකත් එක්ක ඒක දරන්න අමාරුයි තමයි. ඒත් බලන්න අපි බටපොළ ඇන්ටනාවෙන් ඩයලොග් ඇන්ටනාවට මාරුවෙන්න කරපු කැපකිරීම. සහ ඒ එක්කම අපිම කරපු මාකටිං කැම්පේන් එක.

තව ටික දවසකින් පොර ඕක මෙහෙ පත්තුකරලා ගියාම ටිකක් දෙනෙක් අමාරුවෙන් ඕක ගන්නවා. ගමකට එකක් වගේ වෙන්න වහලයක් උඩ ලස්සන පොඩි හුරුබුහුටි ගොතික් ලුකින් (gothic looking) ස්ටාර්ලින්ක් රිසීවර් එකක් තියනකොට ඒක ප්‍රභූ වෙනවා. හැමෝම ඒක දිහා බලනවා. ස්ටාර්ලින්ක් එකට මාකට් එක අපිම හදනවා.

මචං…පොඩ්ඩක් සල්ලි වැඩිපුර ගියාට කනෙක්ෂන් එක පට්ට බං…රට යනකොට ආයේ සිම් මාරුකෙරිලි මුකුත් නැහැ. දැම්මොත් දැම්මමයි. ගින්දර වගේ පත්තු වෙනවා බං… හැම තැනටම කනෙක්ෂන් තියනවා. මේ ඩයලොග් මොබිටෙල් මොන හිඟන්නොද මචං…දවසක් බලන් ඉන්න ඕනි ෆේස්බුක් ඕපන් කරගන්න….ඔන්න ඔහෙ ස්ටාර්ලින්ක් වලට මාරුවෙයන් බං….

තවදුරටත් කිව්වොත් මෙච්චර කල් ඩයලොග් ප්‍රමෝට් කර කර හිටපු සංගා හරි කවුරුහරිත් උදේ ඉඳන් හවස් වෙනකල් කියයි ස්ටාර්ලින්ක් වලට මාරුවෙන්න කියල.

ටික දවසක් යනකොට හැම එකාම අමාරුවෙන් ස්ටාර්ලින්ක් ගනියි. ඒ මිළට හුරුවෙයි.

උදාරයි…

Social Sharing
අවකාශය නවතම පුවත්