
පසුගියදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සල (Bar Council) රැස්වීමේදී නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන් විසින් ජයිකා ආධාර මත ලැබුණු ව්‍යාපෘතියක මුදල් බෙදාහැරීමේදී සිදු වූ මූල්‍ය සහ කාර්‍යපටිපාටි අවභාවිතාවයන් සම්බන්ධව දැඩි ලෙස විවේචනයට ලක් වී ඇත.
මෙහිදී වර්තමාන නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් වී ඇත.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ ව්‍යාපෘති යෝජනාවද ලේකම් වරයාගේ අත්සනින් නොමැතිව සභාපතිවරයාගේ අත්සනින් යොමු කිරීම ප්‍රශ්න සහගත බවයි. එමෙන්ම විධායක කමිටුව නොදැන, කවුන්සලය නොදැන, ලේකම් හා භාණ්ඩාගාරිකද නොදැන මෙවැනි ව්‍යාපෘතියකට යොමු වීමේදී සභාපතිවරයා සමස්ත සංගමයට තනිපුද්ගලයෙකු ලෙස වගකියන්නේ කෙසේදැයි සාලිය පීරිස් මහතා ප්‍රශ්න කර සිටියේය.
වැඩිදුරටත් තරුණ නීතිඥයන් දෙපළකට රුපියල් මිලියන පහ බැගින් ලබා දීමේ විනිවිදභාවයක් නොමැති ක්‍රියාකලාපයද ඒ මහතා ප්‍රශ්න කරයි. ඔවුන්ට සමානම සහ ඇතැම්විට වැඩි සුදුසුකම් සහිත කණිෂ්ඨ සාමාජිකයන් සංගමයේ සිටින අතර එසේ සිටියදී මෙසේ කිසිදු විනිවිදභාවයකින් තොරව සාමාජිකයන් තෝරා ගත්තේ කෙසේ දැයි ඒ මහතා ප්‍රශ්න කළේය. එය ලැජ්ජාවක් බවයි ඒ මහතා අවධාරණය කරන්න්නේ.
මේ වන විට මෙම සිදුවීම විමර්ෂනය සදහා ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
අයිතිය විශේෂ වාර්තාකරු