ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැන කථිකාර්යවරයා බොරු කියයි.

එයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියමින් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගැණුනු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (29) නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු කොතලාවල ආරක්ෂ පීඨයේ කථිකාචාර්ය පුන්සර අමරසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 10 ක් වටිනා ඇපකරුවෙකුගේ ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට නියම කළේය.

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව කියමින් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව කටඋත්තරයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට කැඳවනු ලැබූ කථිකාචාර්ය පුන්සර අමරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීහූ ඔහු අත්අඩංගුවට ගත්හ.
එලෙස අත්අඩංගුවට ගත් කථිකාර්ය පුන්සර අමරසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළහ.

එහිදී ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් අයි.එස්.අයි. එස්. සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ත්‍රස්තවාදීන් බවට පාස්කු ප්‍රහාර වාර්තාවේ සඳහන්ව ඇති බවත්, පුනරුත්තාපනය කළ යුතු බවට සඳහන් තුන්සියයකගේ නම් අතර ඔවුන් සිව්දෙනාගේ නම් ඇති බවට ප්‍රසිද්ධ නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර ඇති බවත් පොලීසිය අධිකරණයට වාර්තා කළේය. එවැනි නම් සතරක් එම වාර්තාවේ නැති බවත් සැකකාර කථිකාචාර්යවරයා අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කලේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් සැකකරුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන ඔක්තෝම්බර් 25 වෙනිදා අධිකරණයට දැනුම් දීමට පොලීසිය නියම කළේය.

Social Sharing
නවතම පුවත්