ජනාධිපතිවරණය නියතයි – රනිල්

පසුගිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංග බණ්ඩාර විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය වෙනුවට වසර දෙකක කාලයකට රජයේ සහ ජනාධිපතිවරයාගේ කාලය දිගු කිරීම ගැන දැඩි ආන්දෝලනාත්මක අදහසක් පැවසුවේය. ඒ සමගම විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥයින්, සිවිල් සංවිධාන ගණනාවක් ඊට දැඩි විවේචනයක් එල්ල කළේය. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක විසින් රංග බණ්ඩාර ට ප්‍රතිවිරුද්ධ මත පළ කරන ලද්දේ.

නිහඩම සිටි ජනාධිපතිවරයා ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා තිබිණි.

ඉදිරියේ දී අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණය පවත්වන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිඳු අපේක්ෂකයෙකු එම ධූරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නැතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි වූ බවත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවති වැඩමුළුවට සහභාගි වෙමිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විටත් ජනාධිපතිධූරයේ විධායක බලතල වලින් ප්‍රමාණයක් පළාත් සභා වලටත්, පර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වලටත් ලබා දී ඇති බව පැවසුවේය.

ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මඟින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පැවසුවේය.
පාර්ලිමේන්තු නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ආචාර්ය ප්‍රියානි විජේසිංහ, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Social Sharing
නවතම පුවත්