අවදානම් සහිත ගස් පිහිටා ඇති පෞද්ගලික හා රජයේ ඉඩම්වල හිමිකරුවන් සඳහා අද (29) සිට නීතිමය නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබේ. පවතින වර්ෂාව සහ සුළං නිසා අනතුරු රැසක්ද පසුගිය දින කීපයේදී වාර්ථා විය. මේ නිසා අවදානම් ගස් සහිත ඉවත් කිරීමට සහ හානි අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.
කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ පිළිබඳව මාධ්‍ය වෙත සිය අදහස් දක්වා සිටියා.
“පෞද්ගලික ඉඩම් සහ රජයේ ආයතනවල ගස් වැටීමට ලක්විය හැකි බවට අපට පැමිණිලි ලැබෙනවා. යම්කිසි ඉඩමක අයිතිකරුවෙක් ඉන්නවා නම් රාජ්‍ය ආයතනයක් පුද්ගලික ආයනයක් හෝ නිවැසියන් ඒ අයට අයිතියක් තියෙනවා තමන්ගේ ඉඩම තුළ තියෙන සියලු දේපොළ ගැන ආරක්ෂාව සහ වගකීම. මේ අනුව ඒ ඉඩම්වල තියෙන ගස් පිළිබඳවත් ඔවුන්ට වගකීම පැවරෙනවා. එහෙම අනාරක්ෂිතව තියෙනවා නම් ඇත්තටම ඒක වරදක්. අපි මහනගර සභා ආඥා පනත අනුව කොහොම ද මේ නීතිමය නිවේදනය නිකුත් කරන්නේ, කියලා අධ්‍යයනය කළා. ඒ අනුව අපි අද දවසේ නිකුත් කරනවා අනතුරුදායක ගස් පිහිටා ඇති ආයතන හා පුද්ගලික නිවාසවලට මෙම ගස් ඉවත් කිරීම හා ඒ අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස.”