නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදු කරනවා නම් ඒ සඳහා කම්කරුවන්ගේ, ඔවුන්ගේ නියෝජිතයන්ගේ සහ සංවිධානවල නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක් එය සිදු කල යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි.
ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මඟින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන යෝජිත නව ප්‍රතිසංස්කරණ පිළිබදව අදාළ සංවිධානය සිය කනස්සල්ල පළකර තිබේ.
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල ඉල්ලීම් සැලකිල්ලට නොගතහොත් ඉදිරියේ දී දැඩි විරෝධතා ඇතිවිය හැකි බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව වාර්තා වේ.