වසර 11කට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව, පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල ගම්වාසීන් විසින් සිදු කළ සමකාමී විරෝධතාවයට වෙඩි තැබීම නිසා පාසැල් දරුවන් දෙනෙකු ඇතුලු තවත් පුද්ගලයෙකු ඝාතණය කිරීම හා තවත් 50 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධව නඩුවේ තීන්දුව ඊයේ (17) ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශට පත්කොට තිබුනි.
වාර්තා වූ අකාරයට පිටු 242කින් සමන්විත සම්පූර්ණ නඩු තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, සහන් මාපා බණ්ඩාර සහ රෂ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස ලබා දෙමින් මෙම නඩුවේ විත්තිකරුවන් වූ යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, කෝප්රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන් මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.
නීතිපතිවරයා විසින් අදාල විත්තිකරුවන්ට එරෙහිව මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම ඇතුළු අධි චෝදනා 94ක් ගොනු කර ඇති බව වාර්තා විය. නමුත් මේ සියළු චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට අධිකරණ ඉදිරියේ ඔප්පු කිරීමට නීතිපතිවරයා අසමත්ව ඇති බව ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ ඇතුලත්.
“මියගිය තිදෙනාට, වෙඩි තබන ලද උණ්ඩ අධිකරණය ඉදිරියේ සිටින විත්තිකරුවන් භාවිතා කළ ගිනි අවි තුළින් නිකුත් වූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වෙලා තියෙනවා. “
” විරෝධතාවය විසිරුවා හැරීමට කැඳවා තිබු හමුදා සාමාජිකයන් ගණන 289ක් වුනත්, අධිකරණයට ඉදිරිපත් කළ T56 ගිනි අවි 98න් මෙම නඩුවේ විත්තිකරුවන් 03 දෙනා භාවිතා කළ ගිනිඅවි තුනෙන් පතුරම් 12ක් නිකුත්වෙලා තියෙනවා. නමුත් එම විත්තිකරුවන්ගේ ගිනිඅවි තුළින් නිකුත් වූ උණ්ඩවලින් මරණ සිදුවූ බවට රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වී නැහැ. තවත් T56 ගිනි අවි 07කින් උණ්ඩ 21 මුදාහැරලා තියෙනවා. නමුත් එම නිලධාරින් සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. එබැවින් එම ස්ථානයේ සිටී අනෙකුත් නිලධාරින්ට එරෙහිව විමර්ශන නොකර පැමිණිල්ල මෙම විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් පමණක් නඩුව පවත්වාගෙන යාම තුළ සැකයේ වාසිය විත්තියට යොමුවෙනවා. ඒ වගේම සාක්ෂි මගින් අනාවරණය වනවා විරෝධතාවය වූ ස්ථානයේ හමුදා ඇඳුමින් සැරසුන නිලධාරින්ට අමතරව කළු පැහැති ටී ෂර්ටයන්ගෙන් සැරසුන ගිනි අවි අතදැරූ පුද්ගලයින් සිටි බව. එබැවින් මෙම අපරාධයට අදාළව ඒ කුමන හෝ ගිනිඅවියකින් උණ්ඩ නිකුත්වීමක් සිදුව තිබෙන්න පුළුවන්.”
සාක්ෂි විෂ්ලේණයෙන් පසු විනිසුරුවරයා අවසන් තීන්දුවට අදාළව නිගමන ප්‍රකාශයට පත්කළේය.
” මේ පළවෙනි විත්තිකරු වෙඩි තැබීමට අණදුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වෙලා නැහැ. පැමිණිල්ලේ බොහෝ සාක්ෂි පරස්පරයි. සැකකටයුතු තත්ත්වයන් ගණනාවක් තිබෙන බැවින් චූදිතයන්ට එරෙහිව කිසිදු නෛතික පදනමක් යටතේ වරද පවරන්න බැහැ. මරණ තුනක් සිදුවීම අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නමුත් එවැනි අවාසනාත්මක සිදුවීමක් යටතේ වුවද, අධිකරණයට ක්‍රියා කළ හැක්කේ ඉදිරිපත් වූ සාක්ෂි මතයි. “
උපුටා ගැනීම – https://sinhala.adaderana.lk/news/196733
රට තුළ යහපත් පාලනයක් ස්ථාපිත කිරීමට නම් එම රටේ නීතිය සැමට ඉහලින් සිටිය යුතු අතර නීතිය සැමට සාමාන හා සාර්ව සාධරණය කර්යාක්ෂමව ක්‍රියාතමක විය යුතුය. නමුත් පසුගිය කාලය තුළ මේ සම්බන්ධ ස්ථාපිතව ඇති ආයතන යම් පරිහානියකට පත් වූ අතර, ඒ හේතුවෙන් අපගේ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි පැවති විශ්වාසය විශාල වශයෙන් පළුදු විය. මේ හේතුවෙන් මිනිසුන් අධිකරණ ක්‍රියාවලියෙන් ඈත් වී තමුන්ට පුළු පුළුවන් ආකාරයෙන් ප්‍රශ්ණ විසදා ගැනීමට උත්සාහ ගන්නා ආකාරයක් අපට දිස්විය. පාරේ සිදු වන සුළු අනතුරක දී පවා මෙතරම් ප්රචන්ඩත්වයක් නිර්මාණය වීමට හේතුවන්නේ මිනිසුන්ගේ ඇති මෙවැනි ආකල්පයන් නිසා විය හැක.
කාලය සිට රටතුල විශාල අපරාධ රැල්ලක් වර්ධනය වී තිබෙන්නේ ද අපගේ නීතිය පසිදල ආයනයන් හි ඇති මෙම ගරා වැටීම නිසාය. විශාල වශයෙන් නඩු ප්‍රමාද වන නිසා ඒ හේතුවෙන් අපරාධ කරුවන්ට නිදැල්ලේ හැසිරීමටත්, වින්දිතයින්, සාක්ෂිකරුවන් පමණක් නොවන අපරාධ පරීක්ෂන නිලධාරීන්ටද විවිධාකාරයේ තර්ජයන කරමින් හැසිරෙන ස්වරෑපයක් අපට මේ වන විට දක්නට තිබේ.
මෙහි දී රජයේ නඩු පවරන්නා ලෙස කටයුතු කරණු ලබන නීතිපති දෙපාර්තමේන්තුව වෙත එල්ල වී ඇති චෝදනා පිළිබදව අවධානය යොමු කළ යුතුය. නඩු ගොනු කිරීමට විශාල කාලයක් ගැනීම, සමහර නඩු ඉල්ලා අස්කර ගැනීම, නඩු නොපැවරීම, දෝෂ සහිතව නඩු පැවරීම, නීති පති උපදෙස් ලබා දීමට විශාල කාලයක් ගැනීම, නීතිපති පැවරෑ බොහෝ නඩු ඉදිරියට ගෙනයාමට නොහැකිව විත්තිකරුවන් නිදහස් වීම නීතිපතිවරයා වෙත එල්ල වී ඇති ප්‍රධාන චෝදනා ලෙස ගැනිය හැකියි.
නීතිපති භුමිකාව පිළිබදව හිටපු නීතිපති හා අගවිනිසුරු ලෙස කටයුතු කළ සරත් නන්ද සිල්වා මහතා ඔහු විශ්‍රම යාමට කෙටි කාලයකට ප්‍රථම ප්‍රකාශ කලේ නීතිපතිවරයා විසින් පවරනු නඩුවලින් 94%ක් ඉදිරියට ගෙනයාමට නොහැකිව අපරාධකරුවන් නිදහස් වන බවයි. එම ප්‍රකාශය තවමත් සත්‍යයක් නම් අප වැටී තිබෙන අගාධයේ තරම දැන්වත් අප තේරුම්ගත යුතුය.
වත්තල පදිංචිව සිටි ජෙරාඩ් මර්වින් පෙරේරාට මහතාට කෘෘර හා අමානුෂික ලෙස පහරදීම සම්බන්ධව 1994 අංක 22 පණත යටතේ මීගමුව මහාධිකරණයේ විභාග වූ නඩුවක දී මෙවැනිම තත්ත්වයක් නිර්මාණය විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයක් පරිදි නීතිපතිවරයා විසින් එච්/සී 326/2003 යටතේ මෙම නඩුව පැවරුවේ එවකකට වත්තල පොලීසියේ ස්ථානාධිපති සේන සුරවීර මහතා ඇතුළු විත්තිකරුවන් 7දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කරමිනි. පසුව නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍රය සංශෝධනය කරමින් සේන සුරවීර මහතාගේ නම අධි චෝදනා පත්‍රෙයන් ඉවත් කර තිබුනි.
වසර 5ක් තිස්සේ ඇදීගිය මෙම නඩුවේ තීන්දුව 2008 අප්‍රේල් 2 වන දින එවකට මීගමුව මහාධිකරණ විනිසුරුවරිය වූ ජේ.එම්.ටී.එම්.පී.යු තෙන්නකෝන් මැතිණිය විසින් ලබා දෙමින්, ප්‍රකාශයට පත්කලේ වත්තල පොලීසිය විසින් ජෙරාඩ් මර්වින් පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත්අඩංගුවේ දී කෘෘර වද බන්ධනයට ලක්ව ඇති බව අධිකරණය පිළිගන්නා නමුත් ඊට වග කිව යුත්තේ මෙම නඩුවේ 1 සිට 6 දක්වා සදහන් විත්තිකරුවන්ට බවට සාධාරණ සැකයෙන් ඔබ්බට මෙම අධිකරණයේ දී සාක්ෂි මෙහෙය වී නැති බවත්ය. ඒ හේතුවෙන් මෙම නඩුවේ සියළු චූදිත සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන බවට නියෝගය කර තිබුනි. එමෙන්ම මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වූ වත්තල පොලීසියේ ස්ථානාධිපති නීතිපතිවරයා විසින් මෙම නඩුවෙන් ඉවත් කිරීම විමතියට කරුණුක් බවත් සිය තීන්දුවේ ප්‍රකාශ කර තිබුනි.
එම නඩුවට අදාල විත්තිකරුවෙක් විසින්ම ජෙරාඩ්ව ඝාතණ කර තිබීම නිසා, ජෙරාඩ් අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු ගේ බිරිද විසින් ඉහත නඩුවු නැවත අභියාචනය කරන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කරණු ලැබුවත් ඉන් පලක් නොවීය. පසුව ඇය විසින් එම නඩුව ඇපීල් උසාවියට වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් පලක් නොවූ තැන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පැමිණිල්ල රැගෙන ගියාය. එහි දී ඇගේ පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව නැවත විභාග කිරීමට මීගමුව මහාධිකරණයට නියෝග කරන ලදී. සිද්ධිය වී අවුරුදු 17කට පසුව එනම් 2019 වසරේ දී එම නඩුවේ තීන්දුව ප්‍රකාශ කර මීගමුව මහාධිකරණ විනිසුරු රණරාජ මහතා අදාල විත්තිකරුවන් දෙදෙනා වෙත වදහිංසා පනත යටතේ ලබා දිය හැකි උපරිම දඩුවම ලබා දී තිබුනි.
රතුපස්වල සිද්ධීයේ දී ගිණි අවි 98කින් උණ්ඩ නිකුත් වී ඇති බව රස පරීක්ෂක වාර්තා වල සදහන් වි ඇති බව වාර්තා විය. නමුත් අධිකරණය ඉදිරිපත් වී ඇත්තේ ඉන් තිදෙනෙකු භාවිතා කළ ගිණි අවි හා ඉන් නිකුත් වූ උණ්ඩ 12ක් පමණි. ඉතිරි ගිණි අවි 95 භාවිතා කළ අය මෙම නඩුවට ඇතුල්ත් නොවීමත් ඉහත විත්තිකරුවන් තිදෙනා මෙම මරණයන් සදහා සෘජුව සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් නොවීමත් මත සැකයේ වාසිය මෙම විත්තිකරුවන් වෙත හිමිව තිබේ.
නමුත් මේ සිද්ධියේ දී තිදෙනෙකු මිය යාමත්, තවත් 50 දෙනෙකුට තුවාල සිදු කිරීමට සම්බන්ධ අපරාධකරුවන් තව දුරටත් නිදැල්ලේ සිටීමෙන් මුළු සාමජයක් අනතුරේ හෙලා තිබේ. මේ හේතුවෙන් අධිකරණය ක්‍රමය පිළිබදව පැවති අවිශ්වාසය සහ බලපොරොත්තු කඩවීම මෙම නඩු තීන්දුව තුළිත් තවත් ඉහල දමා තිබේ. එමෙන්ම, අවුරුදු 11ක් තිසසේ මෙම නඩුව මෙතරම් දුරක් රැගෙන ඒමට භාවිතා කළ මහජන මුදල් අපතේ යාම සම්බන්ධව වගකීම කිසේසේ සුළු කොට තැකිය නොහැක.
එ් නිසා, මෙම අපරාධය සම්බන්ධව වැලලී ඇති වැදගත් සාක්ෂි කඩිනමින් සකස්කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා එක්ව අධිකරණය පෙන්වා දී ඇති දෝශ සංශෝධනය කර නැවත නඩු පැවරීම හෝ මෙම තීන්දුව අභියෝගයට ලක්කිරීම මහජනතාවගේ පැත්තේන සිට වහාම සිදු කළ යුතුය.
පිලිප් දිසානායක