මේ සති අන්තයේ ජර්මනිය පුරා ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටියහ. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වූයේ AfD ( Alternative for Germany ජර්මනිය සඳහා විකල්පය) නැමති දේශපාලන පක්ෂයේ දක්ෂිණාංශික අන්තවාදයටයයි.
AfD පක්ෂයේ එක් දේශපාලන සටන් පාඨයක් වන්නේ සංක්‍රමණිකයන් ජර්නිමයෙන් පිට කලයුතු ය යන්නයි.(Remington).
පසුගිය නොවැම්බර් 25 ඉතා රහසිගතව රැස්වූ එම පක්ෂය ඔවුනට බලය ලැබුණහොත්, සියලු සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට අදාල සැලසුම් සකස් කළ බවට මාධ්‍ය වල සඳහන් වේ.
එම කාරනය වැඩිදුරටත් තහවුරු වන්නේ ජුනි මාසයේදී පැවැත්වෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයෙකු පොතක් ලියමින් සංක්‍රමණික පසුබිමක් සහිත මිලියන 15 ක් පමණ වන ජර්මන් ජාතිකයන්ද ජර්මනියෙන් පිටකර හැරිය යුතු බව සඳහන් කර තිබීමයි.
