ගුරු හිඟය අවම කිරීමට විද්‍යා පීඨවලට 6955ක් බඳවා ගනී!

පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟය අවම කිරීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර ගුරු ශික්ෂණලාභීන් 6955ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව පෙර වසරවලට වඩා දෙගුණයකින් ගුරු ශික්ෂණලාභීන් බඳවා ගැනීමට කටයුතු කර ඇති අතර එම සියලු ගුරු ශික්ෂණලාභීන් ඊයේ (12) ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඇතුළත් කර ගැනිණි.

2019, 2020 උසස් පෙළ විභාගයෙන් සමත් සුදුසුකම් ලත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ මඟින් මෙසේ තෝරාගෙන තිබේ. මේ පිරිසට ඊයේ දින සිට වසර 3ක ගුරු පුහුණුව පීඨවලදී ලබාදෙනු ඇත. ජාතික අධ්‍යාපන විධ්‍යා පීඨවලින් අංගසම්පූර්ණ වූ ගුරුවරයකු බිහි කිරීමෙන් අනතුරුව ස්ථිර පත්වීමක් ලබාදී පාසල් පද්ධතියට යොමු කර සිටී.

ඊයේ බඳවාගත් ගුරු ශික්ෂණලාභීන් 6955 රට තුළ පිහිටා ඇති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19ක් සඳහා යොමු කර ඇති අතර එහිදී දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට හැකියාවක් ඇත. ගුරුවරුන් පිරිසක් බිහි කිරීම ජාතික අධ්‍යාපන විධ්‍යා පීඨ තුළින් සිදු කෙරේ.

සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ගුරුවරුන් බඳවාගෙන ඇති අතර ශික්ෂණලාභීන් සිංහල, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, සමාජ විද්‍යාව, ක්‍රීඩා, සෞන්දර්ය විෂයන් ඇතුළු තවත් විෂයන් බොහොමයක ගුරුවරුන් ලෙස විද්‍යා පීඨය තුළදී පුහුණුව ලබයි.

 

Social Sharing
නවතම පුවත්